― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඊශ්‍රායලයේ රැකියා ගැන විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ රැකියා ගැන විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවේ.

මේ අතර ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුවිය.

මෙම පිරිසට කාන්තාවන් 18 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් තිදෙනෙකු අයත්වේ. එම පිරිස ලබන 27වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 441 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් හිමිවූ තවත් ලාංකිකයින් 16 දෙනෙකු අගෝස්තු මස 2 වැනිදා ඊශ්‍රායලය බලා යාමට නියමිතව ඇත.