29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඔබාමාගේ සූපවේදියා දියේ ගිලී ජීවිතක්ෂයට

ඔබාමාගේ සූපවේදියා දියේ ගිලී ජීවිතක්ෂයට

අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පෞද්ගලික සූපවේදියා වන ටෆාරී කැම්බල් ජීවිතක්ෂයට පත්ව තිබේ.

45 හැවිරිදි වියේ පසු වූ කැම්බල් මැසචුසෙට්ස් ප්‍රාන්තයේ විලක විනෝද වෙමින් සිටින අතරතුර දියේ ගිලී ඇති අතර ඔහුගේ සිරුර සොයා ගැනීමට දින දෙකක් පමණ ගතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ නිවස පිහිටා ඇත්තේද එම විල ආසන්නයේ වන අතර කැම්බල් ධවල මන්දිරයේ සූපවේදියෙක් වශයෙන් සේවය කර තිබේ.

ඉන්පසු හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් 2016 වසරේදී ඉවත්ව යනවිට කැම්බල් හිටපු ජනපතිට සේවය කිරීම ධවල මන්දිරයේ සේවයෙන් ඉවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.