28.4 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉදිරියේදී ශ්‍රී ලංකාව ලෝකයට ණය දෙන රටක් කරනවා - වජිර

ඉදිරියේදී ශ්‍රී ලංකාව ලෝකයට ණය දෙන රටක් කරනවා – වජිර

පාර්ලිමේන්තුව වසා දමා ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට භාරදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

මේ ආකාරයට පාර්ලිමේන්තුව වසා දැමුවහොත් එහි නඩත්තුවට මුදල් ඉතිරි වන බවත් රනිල් වික්‍රමසිංහ රට ගොඩනඟන බවත් ඔහු එහිදී කියා සිටියේය.

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් මිදෙනු ඇති බවත් ඉන් පසු ශ්‍රී ලංකාව ණය ගන්නා රටක් වෙනුවට ක්‍රමක්‍රමයෙන් ලෝකයට ණය දෙන රටක් බවට පත්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.