29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldග්‍රීසියේ ගුවන්යානා අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ග්‍රීසියේ ගුවන්යානා අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ග්‍රීසියේ සැහැල්ලු ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ග්‍රීසියේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීමට යොදාගත් සැහැල්ලු ගුවන් යානයක් වන අතර එය ඇතන්ස්හි නැගෙනහිර එවියා දූපතට කඩා වැටීමෙන් අදාළ අනතුර සිදුව තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගුවන් යානයේ නියමුවන් දෙදෙනා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සතියක් පුරා ග්‍රීසියේ දූපත් රැසක පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 20,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.