23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුලි මාසයේදී සංචාරකයන් 104, 664ක් මෙරටට ඇවිත්

ජුලි මාසයේදී සංචාරකයන් 104, 664ක් මෙරටට ඇවිත්

ජුලි මස 01 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 100,000 සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඔවුන්ගේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ජුලි 01 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 104,664ක් පැමිණ ඇති බවයි.

ජුලි මාසයේ මුල් සති තුන තුළ සංචාරක පැමිණීම්වල අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙන අතර පළමු සතියේදී 28, 711, දෙවන සතියේ 31, 903 සහ තුන්වන සතියේදී 34, 594 ලෙස සංචාරකයන් පැමිණ තිබේ.

ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය සමස්තයෙන් සියයට 17ක ප්‍රතිශතයකි. එක්සත් රාජධානිය මීළඟට වැඩිම සංචාරකයින් පැමිණ ඇති රට වන අතර චීනය තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ සියයට 7ක ප්‍රතිශතයක් ලබා ගනිමිනි.