31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජුලි මාසයේදී සංචාරකයන් 104, 664ක් මෙරටට ඇවිත්

ජුලි මාසයේදී සංචාරකයන් 104, 664ක් මෙරටට ඇවිත්

ජුලි මස 01 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 100,000 සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඔවුන්ගේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ජුලි 01 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 104,664ක් පැමිණ ඇති බවයි.

ජුලි මාසයේ මුල් සති තුන තුළ සංචාරක පැමිණීම්වල අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙන අතර පළමු සතියේදී 28, 711, දෙවන සතියේ 31, 903 සහ තුන්වන සතියේදී 34, 594 ලෙස සංචාරකයන් පැමිණ තිබේ.

ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය සමස්තයෙන් සියයට 17ක ප්‍රතිශතයකි. එක්සත් රාජධානිය මීළඟට වැඩිම සංචාරකයින් පැමිණ ඇති රට වන අතර චීනය තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ සියයට 7ක ප්‍රතිශතයක් ලබා ගනිමිනි.