― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුම ගැටලු ගැන අගමැති ප්‍රමුඛ සාකච්ඡාවක්

අස්වැසුම ගැටලු ගැන අගමැති ප්‍රමුඛ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (26) අරලියගහ මන්දිරයේදී අස්වැසුම ගැටලු පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.

වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන් සඳහා ඒ ආකාරයෙන්ම ගෙවීම් ක්‍රියාත්මක කිරීමට සහ මතුව ඇති අනිකුත් ගැටලු වහා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් රංජිත් අශෝක, අස්වැසුම සභාපති බී. විජේරත්න ඇතුළු පිරිසක් එක්ව තිබේ.