― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකෝටි 21ක මත්ද්‍රව්‍ය සමඟ 07ක් රේගු දැලේ

කෝටි 21ක මත්ද්‍රව්‍ය සමඟ 07ක් රේගු දැලේ

රුපියල් කෝටි 21ක් වටිනා කුඩු වශයෙන් සකස් කළ කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනුයි ඊයේ (26) පස්වරුවේ වැටලීම සිදු කර ඇත්තේ.

හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන්තොටුපොළ වෙත ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඪ් 822 දරණ ගුවන් යානයෙන් ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණා.

මෙම ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පුද්ගලයන් තිදෙනකු කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි අවස්ථාවේ මෙම පාර්සලය ඔවුන් ඉදිරියේ විවෘත කර ඇති අතර එහිදී කිලෝ 33ක් පමණ බර රුපියල් කෝටියක් පමණ වටිනා කෘතිම ගංජා තොගයක් එහි තිබී සොයාගෙන තිබෙනවා.

අනතුරුවයි එම පාර්සල් රැගෙන යාමට පැමිණි පුද්ගලයන් අත් අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මෙම ව්‍යාපාරයේ ප්‍රධානියා විසින් පිටකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන ‘ශබ්ද වාහිනී’ පද්ධති අලෙවි කරන වෙළඳ සැළක් තුළ තිබී රුපියල් කෝටි 20ක් පමණ වටිනා කෘතිම ඇම්පටමයින් කුඩු කිලෝ 100ක් පමණ අත් අඩංගුවට පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ සමගම කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ සිටි මෙම ව්‍යාපාරයට සම්බන්ධ රුසියානු ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙම කෘතිම මත්ද්‍රව්‍ය කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල සාද පවත්වන අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා යොදා ගන්නා බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කටුනායක ගුවන්තොටුපොළේදී අත්ඩංගුවට ගත් පුද්ගලයන් 3දෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයටත් කොළඹින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.