― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ සහයෝගය ශ්‍රී ලංකාවට වාසි අයුරින්

ඉන්දියාවේ සහයෝගය ශ්‍රී ලංකාවට වාසි අයුරින්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරලීමට සහායක් වශයෙන් ඉන්දීය රාජ්‍ය හා පුද්ගලික අංශයේ සමාගම්වලට මෙරට ව්‍යාපෘතිවල වැඩි වශයෙන් ආයෝජන සිදුකරන ලෙස ඉන්දීය පාර්ලිමේන්තු කමිටුවක් මගින් නිර්දේශ කර තිබේ.

එමෙන්ම එම කමිටුව මගින් නිර්දේශ කර ඇත්තේ අර්බුදකාරී අවස්ථාවන්හිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙත ණය සහ මූල්‍ය ක්‍රියාමාර්ග ලබාදීමේදී ශ්‍රී ලංකාවට වාසිදායක අන්දමින් කටයුතු කරන ලෙසයි.

ඉන්දීය ලෝක් සභාවේ විදේශ කටයුතු කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ‘ඉන්දියාවේ අසල්වැසියාට ප්‍රමුඛත්වය’ යන ප්‍රතිපත්තියට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

මෙම කමිටුව පෙන්වා දෙන්නේ 2021 වසරේදී ඉන්දියාව මෙරට විශාලතම සෘජු විදේශ ආයෝජකයා වශයෙන් ඩොලර් මිලියන 142ක් ආයෝජන කර ඇති බවය.