27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජපානයේ ජනගහනය පහළට

ජපානයේ ජනගහනය පහළට

පසුගිය වසර තුළ ජපන් ජාතිකයින්ගේ සංඛ්‍යාව 800,000ට වඩා පහත වැටී තිබෙන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ජපානයේ ජනගහන අර්බුදය වේගවත් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.

මෙම වසරේ ජනවාරි 1 වනදා වන විට, ජපානයේ මුළු ජනගහනය මිලියන 125.4 ක් වී තිබෙන අතර එයට ජපන් සහ විදේශීය පදිංචිකරුවන් ද ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පෙර වසරට සාපේක්ෂව ජපානයේ සිටින විදේශීය පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් 10% කින් ඉහළ ගොස් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා.