30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික රෝහලට මිලියන 339ක විදුලි බිලක්

ජාතික රෝහලට මිලියන 339ක විදුලි බිලක්

කොළඹ ජාතළඹ ජාතික රෝහල විසින් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් මිලියන 339 නොගෙවීම නිසා රතු නිවේදන නිකුත් කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි අවදානමක් මතුව ඇති අතර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ ගැන රෝහලට පැමිණ දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ජාතික රෝහලේ ශල්‍යාගාරවලද ශල්‍යකර්ම් සිදුකිරීම සඳහා රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් මොනයම් හේතුවකින් හෝ ජාතික රෝහලේ විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් ඉන් රෝගීන් දැඩි අවදානමකට පත් වන බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.