― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsතවත් 7000කට කොරියානු රැකියා වරම්

තවත් 7000කට කොරියානු රැකියා වරම්

මේ වසරේ දෙවන භාගයේදී තවත් ශ්‍රී ලාංකිකයන් 7,000කට දකුණු කොරියාවේ සේවය කිරීමට වීසා නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ප්‍රකාශ කළාය.

නව කොරියානු තානාපතිනිය පසුගියදා (25) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදීයි මේ බව පවසා ඇත්තේ.

කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 25,000ක් සේවයේ යෙදී සිටින බවත් මේ වසර අවසන් වන විට එය 32,000ක් දක්වා වැඩි කරන බවත් තානාපතිවරිය එහිදී සඳහන් කළාය.