27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා ක්‍රිකට් පෞද්ගලික ආයතනයක් - ශම්මි සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් පෞද්ගලික ආයතනයක් – ශම්මි සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෞද්ගලික ආයතනයක් බවත් එහි මුදල් ඕනෑම ආකාරයකින් වියදම් කළ හැකි බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා පැවසීය.

සභාපතිවරයා ඊයේ (26) මෙම ප්‍රකාශය සිදු කළ අහර ඊට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කරන බව මගෙන් රටට සංවිධානය පවසයි.

ශම්මි සිල්වා සිදු කළ ප්‍රකාශය පහතින්,

“අපේ උප සභාපති ජයන්ත ධර්මදාස මහත්තයට ගහනවා නිළියොත් එක්ක ඉන්නවා කියලා. එයා චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපති. ඉතින් ජයන්ත මහත්තයා නළු නිළියෝ ආශ්‍රය කරන්නේ නැතුව හිරකාරයෝ ආශ්‍රය කරන්න කියලද කියන්නෙ?
දැන් මම ඉන්නවා නම් මට මගේ බිරිඳව එක්ක යන්න බැරිද? අනික් එක මේක ආණ්ඩුවේ සල්ලි නෙවෙයි. ICC එක කියන්නෙ පුද්ගලික ආයතනයක් වගේ.”

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා සඳහන් කළේ ජනතා මුදල් වංචා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව වහාම ඉල්ලා අස්විය යුතු බවයි.