27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුහල්පතිනියට රහසඟ පෙන්වූ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

විදුහල්පතිනියට රහසඟ පෙන්වූ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය ඇතුළු පිරිසකට රහසඟ පෙන්වූ බව කියන කෝට්ටේ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජගිරිය – නාවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය ඇතුළු පිරිසක් පැමිණිල්ලක් විභාග කිරීම සඳහා වැලිකඩ පොලිසියට පැමිණි අවස්ථාවේදීයි මෙම සිදුවීම වී ඇත්තේ.

නාගරික මන්ත්‍රී සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම අදාළ පාසලේ විදුහල්පතිනියට එරෙහිව රැගෙන යන අපහාසාත්මක ප්‍රචාර සම්බන්ධයෙන් විභාග කිරීමට ඔවුන් පසුගියදා (23) වැලිකඩ පොලිසිය වෙත කැඳවා තිබූ අතර අදාළ මන්ත්‍රීවරයා පොලිස් භූමිය තුළදීම මෙම ක්‍රියාව සිදුකළ බවයි විදුහල්පතිනිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

විදුහල්පතිනිය මේ බව පැමිණිලි කර ඇති අතර ඒ අනුවයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.