― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකුවේටයෙන් පිටුවහල් කළ ලාංකිකයින් 62ක් දිවයිනට

කුවේටයෙන් පිටුවහල් කළ ලාංකිකයින් 62ක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ගෘහ සේවිකාවන් 62 දෙනෙක් මෙලෙස පිටුවහල් කර මෙරටට ඒවා ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ. මෙම පිරිස අද (28) අලුයම 05.00ට කුවේට් රාජ්‍යයේ සිට පැමිණි අල් ජසීරා ගුවන් සේවයේ ජේ 9555 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් ගෘහ සේවය සඳහා ගිවිසුම්ගත නිවෙස්වලින් පලා ගොස් කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැඳී සිටිමින් විවිධ රැකියා ස්ථානවල සේවයේ නිරත වෙමින් වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස පිළිබඳව එරට ආරක්ෂක අංශ සහ අධිකරණය සමඟ එක්ව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර, ඔවුන්ට තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර මෙලෙස එරටින් පිටුවහල් කර එවා තිබුණා.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මේ වනවිට 2,000 කට අධික ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ලියාපදිංචි වී සිටින බව එම තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.