29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldදුරකථනයක් මිලදී ගන්න බිළිඳා විකිණූ යුවළක්

දුරකථනයක් මිලදී ගන්න බිළිඳා විකිණූ යුවළක්

මව්පිය දෙපළක් විසින් සිය 08 මස් වයසැති බිළිඳා මුදලට විකිණූ පුවතක් ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් වාර්තා වෙයි.

මොවුන් දෙපළ සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවත්  iPhone 14  වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීම සඳහා බිළිඳා විකුණා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ෂාති සහ ජයදේව් නම් මෙම යුවළ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට මුදාහැරීම සඳහායි මෙම දුරකථනය මිලට ගෙන ඇත්තේ.

සිය පුතු නොමැතිව දුක් වෙනවා වෙනුවට විශාල මුදලක් වැයකර දුරකථනයක් මිලදී ගෙන තිබීම සම්බන්ධයෙන් අසල්වැසියන්ට ඇතිවූ සැකයක් මත අසල්වැසියන් විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට කළ දැනුම්දීමකට අනුව සිදුකළ විමර්ශනයේදී මෙම යුවළ විසින් සිය දරුවා මුදලට විකුණා ඇති බව පොලීසියට අනාවරණය වී ඇත.

පසුව ඉන්දීය පොලීසිය විසින් දරුවාගේ මව සහ දරුවා මිලදීගත් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවාගේ පියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.