28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනඩු භාණ්ඩ කාමරයෙන් ගෑස් ඉස්සූ අධිකරණ සේවකයා මාට්ටු

නඩු භාණ්ඩ කාමරයෙන් ගෑස් ඉස්සූ අධිකරණ සේවකයා මාට්ටු

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගෑස් සිලින්ඩර 54 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිතලව – යක්දැල්ගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසුවන්නෙක්.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගෑස් සිල්න්ඩර 54ක් අස්ථාන ගත වී ඇති බවට අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් පසුගිය අප්‍රේල් මාසයේ කුලියාපිටිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් පසුව ඊයේ (28) මෙම සැකකරු අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.