26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅහසින් රෝහලට ගිය අශ්වයා

අහසින් රෝහලට ගිය අශ්වයා

පය ලිස්සා වැටීමෙන් අබාධයකට ලක්වූ 25 හැවිරිදි “ඔබේ” නමැති අශ්වයෙකු ගුවන් මගින් රෝහලට ගෙන යාම පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දකුණු කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රාන්තයෙනුයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.

මෙම අශ්වයා අනතුරට ලක්වී ඇත්තේ සිය හිමිකරු සමඟ ඇවිද යමින් සිටියදී යි.

අනතුරින් පසු නැඟිටීමට වෙහෙසෙමින් සිටි සත්වයා සැන් ජුවාන් කැපිස්ට්‍රානෝ හි ෂියා මධ්‍යස්ථානයට ගුවන් මගින් රැගෙන ගොස් තිබෙනවා.

අශ්වයා ශක්තිමත් පටි සවි කර දෙනෙත් වසා හෙලිකොප්ටරයක් මගින් ඔසවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගිය ඔබේ නම් අශ්වයාට එහිදී ලැබුණු පහසුකම් අනුව නැඟිට සිටීමට ද හැකි වූ බව සඳහන්.