26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුරෝපා සංගමය නයිජර් රාජ්‍යයට දෙන සියලු සහන නවතා දමයි

යුරෝපා සංගමය නයිජර් රාජ්‍යයට දෙන සියලු සහන නවතා දමයි

නයිජර් රාජ්‍ය සමඟ පවතින සියලුම ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ කටයුතු අත්හිටු වීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.එමෙන්ම, අයවැය සහන ද නවතා දමන බවයි යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත්තේ.

ඒ, කුමන්ත්‍රණයකින් පසු එරට හමුදාව විසින් ජනාධිපති මොහොමඩ් බසුම් පහ කර බලය අත්පත් කර ගැනීමට විරෝධය පළ කරමින්.

ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී ජෙනරාල් අබිදුරහ්මනේ විචියානි විසින් හිටපු ජනාධිපතිවරයා සිර අඩස්සියට ගනු ලැබුවේ පසුගිය බදාදායි.

එමෙන්ම අමෙරිකාව, ප්‍රංශය සහ යුරෝපය ද නයිපර් රාජ්‍යයේ නව හමුදා නායකත්වය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අප්‍රිකානු සංගමය නයිජර් හමුදාවෙන් ඉල්ලීමක් කර ඇත්තේ දින 15 ක් තුළ තම කඳවුරු වෙතට යන ලෙසටයි.