― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරිය අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

රිය අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

වාලච්චේන ඕමනියා ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 6ක දරුවකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අපරීක්ෂාකාරීව පිටුපසට ධාවනය කළ ජල බවුසරයක පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අතුරු මාර්ගයේ ධාවනය වූ ජල බවුසරයක් පසුපසට ධාවනය කිරීමේදී පිටුපසින් පැමිණි පා පැදියක ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ පාපැදියේ කුඩා ළමයින් දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් දරුවෙකු බරපතළ තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ජිවිතක්ෂයට පත්වී ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පූනානි ප්‍රදේශයේ පදිංචිව සිටි 6 හැවිරිදි දරුවෙක්.

ජල බවුසරය එම ප්‍රදේශයේ පිහිටි ඉදිකිරීම් ආයතනයකට අයත් වන අතර එම ස්ථානයට පැමිණ පිරිසක් රියදුරුට සහ රිය සහායකට පහරදී ජල බවුසරයට ගිනි තබා තිබූ බව සඳහන්.

පසුව ප්‍රදේශවාසීන් අදාළ ආයතනය වෙත ද ගොස් වාහන ඇතුළු දේපළවලට ගිනි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ බවුසරයේ රියදුරා මෙන්ම සහායකයා බීමත්ව සිට ඇතැයි ද චෝදනා එල්ල වනවා.

අත්අඩංගුවට ගත් රියදුරු ‍ගල්ඔය රොටවැව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන අතර රිය සහායක හසලක පදිංචි අවුරුදු 36ක් වයසැති පුද්ගලයක්.

ඔවුන් අනතුර සිදු වූ ප්‍රදේශයේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් මගින් සිදු කරන වැව් ප්‍රතිසංස්කරණ කටයුත්තකට පැමිණ මාර්ගයේ ඇති දූවිලි පාලනය කිරීම සඳහා බවුසරය මගින් වතුර ඉසිමින් සිටියදී අනතුර සිදුවී තිබෙනවා.

එහිදී බවුසරයට පිටුපසින් මියගිය පිරිමි දරුවා තම වැඩිමහල් සහෝදරයා සමග පාපැදියකින් පැමිණ ඇති අතර බවුසරය පිටුපසට ගමන් කිරීමේදී ඔවුන් මෙම අනතුරට මුහුණදී ඇති බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් රියදුරු සහ සහායකයා අද වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.