ගුණාත්මක දෝෂ හේතුවෙන් ඖෂධ වර්ග 65ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසුවේ ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන ලද ඖෂධද ඒ අතර වන බවයි.
ගුණාත්මක ගැටළු හේතුවෙන් භාවිතයෙන් ඉවත් වූ ඖෂධ අතර දේශීයව නිෂ්පාදිත ඖෂධ හයක්ද වන බව ඔහු සඳහන් කළා.