32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින්ද සැලකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි එම ඒකකයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් හදුනාගෙන ඇති අතර ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් පවතින බවයි වෛද්‍ය නලීන් ආරියරත්න සඳහන් කළේ.