23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldනිව්යෝර්ක් වැසියන්ට උණුසුම් කාලගුණයෙන් දැඩි බලපෑම්

නිව්යෝර්ක් වැසියන්ට උණුසුම් කාලගුණයෙන් දැඩි බලපෑම්

අමෙරිකාවට බලපා ඇති උෂ්ණාධික කාලගුණයෙන් නිව් යෝර්ක්හි වැසියන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මේ වනවිට අමෙරිකානු වැසියන් මිලියන 175 ඉක්මවූ පිරිසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අඛණ්ඩව දින කිහිපයක් නිව්යෝර්ක් නගරයෙන් සෙල්සියස් අංශක 40ට ආසන්න උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර එළිමහන් කටයුතුවල නියැලෙන පුද්ගලයින් සහ වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින්ට අධික උෂ්ණත්වයෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි අදාළ බලධාරීන් පවසන්නේ.