අලුත්ගම – දර්ගා නගරයේ පදිංචි 10 හැවිරිදි දරුවෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අදීෂ හංසන නම් දරුවෙකි. දර්ගා නගරයේ ශ්‍රී ඥානෝදය ප්‍රාථමික විද්‍යාලයේ ඔහු ඉගෙනුම ලබන අතර පසුගිය සිකුරාදා පාසල් නිම වී නිවසට පැමිණි අවස්ථාවේ අසනීප තත්වයක් සම්බන්ධයෙන් සිය මවට පවසා ඇත.
ඉන් අනතුරුව කඩිනමින් සිය දරුවාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මව විසින් දර්ගා නගරයේ පිහිටි රෝහලට සිය දරුවා රැගෙන ගොස් ඇති අතර ඊට පසුදින මෙම දරුවා කළුතර – නාගොඩ ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
ඉන් අනතුරුව නාගොඩ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් ඊයේ (30) උදෑසන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මෙම දරුවා මාරුකර එවා ඇත.
කෙසේනමුත් 10 හැවිරිදි පුංචි අදීෂ අද (31) පෙරවරුවේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකිරීමට නියමිතය.