31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝකේ කිසිම රටක බාල ඖෂධ නිෂ්පාදනය කරන්නෑ

ලෝකේ කිසිම රටක බාල ඖෂධ නිෂ්පාදනය කරන්නෑ

බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් ලොව කිසිම රටක නිශ්පාදනය නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටට ගෙන්වනු ලබන්නේ අදාළ රටවල මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ද ලියාපදිංචි කළ ඖෂධ පමණක් බවත් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ පැවසීය.

වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘වන් – ඕ – වන් කතා’ වැඩසටහන සමඟ එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන ඖෂධ මඟින් සංකූලතාවයක් හෝ ආසාත්මිකතා ඇති වීම සාමාන්‍ය කරුණක් වන නමුත් ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රමවේද වසර ගණනාවක සිට මෙරට ක්‍රියාත්මක වන බවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිය රැක ගැනීමට නම් එහි විශිෂ්ඨත්වය රැක ගත යුතු බව සඳහන් කළ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ එහිදී සෞඛ්‍ය පරිපාලකයන්ට වගකිව යුතු කාර්යභාරයක් පැවරෙන බවයි.