23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලු මුවදොර ජංගම වෙළෙඳුන් ලියාපදිංචි කෙරේ

ගාලු මුවදොර ජංගම වෙළෙඳුන් ලියාපදිංචි කෙරේ

ගාලු මුවදොර ජංගම වෙළෙඳුන් ලියාපදිංචි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි සති තුන තුළදී කාණ්ඩ තුනක් යටතේ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහි පළමු කාණ්ඩය ලියාපදිංචි කිරීම ලබන 03 වැනිදා මරදාන ප්‍රදේශයේදී සිදුකෙරෙන අතර ඒ අනුව මින් ඉදිරියට ලියාපදිංචි නොවූ කිසිදු ව්‍යාපාරිකයකුට ගාලු මුවදොර ප්‍රදේශයේ වෙළෙදාම් සිදු කිරීමට අවසර නොලැබෙනු ඇති.

මින් ඉදිරියට ගාලු මුවදොර ප්‍රදේශයේ චණ්ඩි පාට් දැමීමට කිසිවකුට ඉඩ ලබා නොදෙන බවත් ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා කොටුව පොලිසිය විසින් පොලිස් මුර පොළක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.