27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයේ ප්‍රධාන ආරක්ෂක තනතුරු දෙකක වෙනසක්

චීනයේ ප්‍රධාන ආරක්ෂක තනතුරු දෙකක වෙනසක්

චීනය සිය න්‍යෂ්ටික අවි බළකාය කළමනාකරණය සඳහා පවතින ප්‍රධාන ඒකකයේ සිටි නායකයන් දෙදෙනා ඉවත් කර තිබෙනවා.

ඒ, අනුව එම තනතුරු සඳහා නව නායකයන් දෙදෙනෙකු පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජෙනරාල් ලී යුචාඕ සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරියා මෙලෙස එම තනතුරුවලින් ඉවත්කර ඇති අතර, ඒ සඳහා අලුතින් පත්කර ඇත්තේ හිටපු නියෝජ්‍ය නාවික හමුදාපති වැන්ග් හූබින් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ෂු ෂිෂෙන්ග් බවයි වාර්තා වුණේ.

මෙලෙස ඉවත් කළ නායකයන් දෙදෙනාට එරෙහිව මේ වනවිට දූෂණ චෝදනා පිළිබඳ විමර්ශනයක් ද අරඹා තිබෙනවා.

ගත වූ දශකයකට ආසන්න කාලයක් තුළ බීජිං හමුදා නායකත්වයේ සිදු වූ විශාලතම හා අවිධිමත්ම ඉවත් කිරීම මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.