24 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද තවත් දරුණු ලංගම බස්රථ අනතුරක්

අද තවත් දරුණු ලංගම බස්රථ අනතුරක්

වරකාපොල – තුල්හිරිය ප්‍රදේශයේදී අද (02) ලංගම බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම බස් රථ අනතුරින් 10 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.

අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ සිමෙන්ති පටවා ගත් ප්‍රයිමෝර් වර්ගයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.