28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙවන පොල් ත්‍රිකෝණය උතුරට

දෙවන පොල් ත්‍රිකෝණය උතුරට

මේ වසරේ උතුරු පළාතේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.

අමාත්‍යවරයා මේ බස සඳහන් කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සැප්තැම්බර් 02 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ නියමයෙන් මෙම නව පොල් ත්‍රිකෝණය ඇරඹෙනු ඇති.

යාපනය, මන්නාරම සහ මුලතිව් කේන්ද්‍ර කර මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.