24.5 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඇෆ්ගනිස්ථාන - පාකිස්ථාන එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාවේ

ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාවේ

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.

තරගාවලිය පැවැත්වෙන්නේ ආසියානු කුසලානයට පෙරයි.

ඒ අනුව තරගාවලිය දින පහක් තුළ තරග තුනකින් සමන්විත වේ.

පළමු තරග දෙක අගෝස්තු 22 සහ 24 දෙදින හම්බන්තොට, සූරියවැව හිදී පැවැත්වේ.

තෙවැනි තරගය අගෝස්තු 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

මෙම තරගාවලියෙන් පසුව කණ්ඩායම් දෙකම ආසියානු කුසලානය සඳහා පකිස්තානයට යාමට නියමිතය.

2023 ආසියානු කුසලානයේ පළමු තරගය පාකිස්තානය සහ නේපාලය අතර අගෝස්තු 30 වැනිදා පැවැත්වේ.