― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑකම පවුලේ හත් දෙනෙකුගෙන් පස්දෙනෙක්ම සිය දිවි නසාගෙන

එකම පවුලේ හත් දෙනෙකුගෙන් පස්දෙනෙක්ම සිය දිවි නසාගෙන

එප්පාවල සඳරැස්ගම ප්‍රදේශයේදී නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්.

ඔහු ගාල්ල ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සිට එප්පාවල නිවසට පැමිණ අද මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම සිදුවීම වන අවස්ථාවේ කිසිවකුත් නිවසේ රැඳී සිට නොමැති අතර දහවල් 12ට ආසන්න වේලාවක තරුණයා දිවි හානි කරගෙන ඇති බවට සැක කෙරෙනවා.

අසල නිවසක කාන්තාවක් ඔහු ගෙළ වැළලාගෙන සිටින බවට කළ දැනුම්දීමක් මත ප්‍රදේශවාසීන් පොලිසියට මේ පිළිබඳව දැනුම්දී තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමඟ බහින් බස් වී මෙම තරුණයා දිවි නසා ගෙන ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සියදිවි නසාගත් තරුණයාගේ සහෝදරයන් තුන් දෙනෙකු සහ සහෝදරියක් මීට පෙර සිය දිවි නසා ගෙන ඇතැයි පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

ඒ අනුව එම පවුලේ පස්වැන්නා ලෙසටයි මොහු සියදිවි හානි කර ගෙන ඇත්තේ.

මීට වසර කිහිපයකට පෙර මෙම තරුණයාගේ සහෝදරියක් සහ සහෝදරයෙකු තලාව ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබූ බව සඳහන්.

එමෙන්ම මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹ ගසක ගෙළ වැළලාගෙන තවත් සහෝදරයෙකු සියදිවි නසා ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තරුණයා ගෙළ වැළලාගත් කාමරයේම ඔහුගේ තවත් සහෝදරයෙකු සිය දිවි නසා ගෙන ඇති බවටත් පොලිසියට කරුණු හෙළිවී තිබෙනවා.

ඒ අනුව එම පවුලේ සහෝදර සහෝදරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර සියදිවි නසා ගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය විමර්ශණ සිදු කරනවා.