28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතල් සංවර්ධන මණ්ඩලයෙන් කතුන් ගස් නග්ගයි

තල් සංවර්ධන මණ්ඩලයෙන් කතුන් ගස් නග්ගයි

මෙරටදී පළමුවරට තල් ගස් මැදීම සඳහා කාන්තාවන් යොමු කිරීමට හැකිවූ බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

තල් සංවර්ධන මණ්ඩලය විසින් ඊට අදාළ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එහි මූලික පියවර ලෙස උතුරු පළාතේ කාන්තාවන් 30 දෙනෙකුට තල් ගස් නැගීමේ සිට තල් මල් මැදීම දක්වා පුහුණුවක් ලබා දෙයි.

එම පිරිසට නයිටා ආයතනය සමග එකතුව එම පිරිසට වෘත්තීය සුදුසුකම් සහතිකයක් (NVQ) ලබාදීමටද බලාපොරොත්තු වන බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

සැප්තැම්බර් මස වනවිට මෙම පුහුණුව ලැබූ 50 දෙනෙකුට වෘත්තීය සුදුසුකම් සහතිකය ලබාදීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.