27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනව උපාධිධාරීන් 5,450ක් ගුරු වෘත්තියට

නව උපාධිධාරීන් 5,450ක් ගුරු වෘත්තියට

උපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයට අදාළ ව මෙම ගුරුවරුන් බඳවා ගැනෙන අතර පළාත් මගින් එම බඳවාගැනීම් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් ජාතික පාසල් සඳහා ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බඳවාගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.

මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරියේදී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ යෝජනාව ද සංකල්ප පත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් කර ඇති බවයි. තවද 2024 වර්ෂයේදීත් පාසල් නිල ඇඳුම් හා පෙළපොත් නියමිත දිනයන්හි දී සිසුන් අත‍ට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.