― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකිකයින් 202ක් ඊශ්‍රායලයේ සාත්තු සේවයට

ශ්‍රී ලාංකිකයින් 202ක් ඊශ්‍රායලයේ සාත්තු සේවයට

2023 වසරේදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා යැවූ ශ්‍රමිකයන් සංඛ්‍යාව 200 ඉක්මවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වසරේ මුල් මාස 06 තුළදී පමණක් ශ්‍රී ලාංකිකයන් 202කට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් හිමිව ඇති අතර ඊශ්‍රායල රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයන්ට හිමි වේ.

පෙරේදා (31) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙසයි.

මෙම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 69 වන ශ්‍රමික කණ්ඩායම වන අතර එම පිරිස ලබන මස 02 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.