28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉරානයට දැඩි උණුසුමක් - දින දෙකක් නිවාඩු

ඉරානයට දැඩි උණුසුමක් – දින දෙකක් නිවාඩු

මේ දිනවල ඉරානයේ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට දෛනික උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 51 තෙක් ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ඉරාන රජය අද (02) සහ හෙට (03) යන දෙදින විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරාන සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ වයෝවෘද්ධ පුද්ගලයන් සහ කුඩා දරුවන් එළිමහනේ රැඳී සිටීමෙන් වැළැකිය යුතු බවටයි.

දැඩි උණුසුම නිසා රෝගී වන පුද්ගලයන්ට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට රෝහල් සූදානමින් සිටියි.