28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගය එකතු කළ කුරුඳු අපනයනයෙන් විශාල විදේශ විනිමයක්

අගය එකතු කළ කුරුඳු අපනයනයෙන් විශාල විදේශ විනිමයක්

අපනයන බෝගයක් ලෙස කුරුඳු අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ කුරුඳු නිෂ්පාදන ලෙස කුරුඳු අපනයනය කිරීම හරහා විශාල විදේශ විනිමයක් මෙන්ම නව වෙළෙඳපළක් ද නිර්මාණය කරගත හැකි බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

කුරුඳු ආශ්‍රිත අගය එක්කළ නිෂ්පාදන සිදුකරන අපනයනකරුවන් මේ වනවිටත් වාර්ෂිකව කුරුඳු කිලෝ ලක්ෂ හතළිහක් පමණ අපනයනය කර ඩොලර් මිලියන විසිපහත් තිහත් අතර ආදායමක් මෙරට ආර්ථිකයට ලබාදෙයි.

කුරුඳු තෙල්, කුරුඳු කුඩු, රූපලාවණ්‍ය ද්‍රව්‍ය කුරුඳු යොදා ගනිමින් නිෂ්පාදනය කරන අතර එවැනි නිෂ්පාදකයන් හට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අවශ්‍ය සහය දැක්වීමට බලාපොරොත්තු වේ.