30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවීමට රජයේ අවධානය

ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවීමට රජයේ අවධානය

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

සාගල රත්නායක මේ බව සඳහන් කළේ ‘ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව’ ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීයි.

පසුගිය සමයේ පැවැති ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි මතු වූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදෙමින් කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැලසීමට රජය ගත් තිරණවල ප්‍රගතියද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණා.

ඉදිකිරීම්කරුවන් වෙත රජය මඟින් ගෙවීමට ඇති මාස තුනක් පැරණි හිඟ බිල්පත් මෙම අගෝස්තු මාසය තුළ ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බව ද කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක සඳහන් කළේ විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කර පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ අතරමඟ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව වන අතර ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමත් සමඟ එම කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි.

ඒ අනුව ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති කොතෙක් දුරට වැඩ නිම කර ඇත්ද යන්න මෙන්ම ඒවායේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද සාගල රත්නායක මෙහිදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබුවා.