― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldට්‍රම්ප්ට එරෙහිව තවත් චෝදනා 04ක්

ට්‍රම්ප්ට එරෙහිව තවත් චෝදනා 04ක්

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නව චෝදනා 04 ක් ගොනු කර තිබේ.

ඒ අනුව ඔහු අද (03) වොෂිංටන් අගනුවර අධිකරණයක් හමුවට කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2020 වසරේ පැවති ජනාධිපතිවරණය පරාජය වීමත් සමග අවස්ථා ගණනාවකදී මැතිවරණ වංචා සිදුව ඇතැයි ව්‍යාජ ප්‍රකාශයන් සිදු කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා අතරට අයත්ය.

2020 වසරේ ජනවාරි 6 වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් පාක්ෂිකයින් වොෂිංටන් අගනුවර පිහිටා තිබෙන අමෙරිකානු කොංග්‍රසය රැස් වන කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර
එම පිරිසට එලෙස අනවසරයෙන් කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවීමට අනුබල දීම හිටපු ජනාධිපතිවරයාට එල්ල වී ඇති තවත් චෝදනාවකි.

රහසිගත ලේඛන අනවසරයෙන් ළඟ තබා ගැනීම පිළිබඳව ෆ්ලොරීඩා ප්‍රාන්ත අධිකරණයේ සහ මුදල් ගෙවා තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණයක හිටපු ජනාධිපතිවරයාට එරෙහිව තවත් නඩු ගොනු කර තිබේ.