― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කරයි

මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කරයි

මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (03) විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසුවේ තමා සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පළිගන්නා බවයි.

ඒ අනුව මෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිදුන් වැඩම කර වීමට මූලික වූ මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කළ බවයි උන්වහන්සේ පැවසුවේ.

“මිහින්තලා රජමහා විහාරස්ථානයේ මිහිඳු සෑය ඉදි කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදු කෙරෙමින් පවතින මොහොතක තමයි මෙම විදුලිය විසන්ධි කිරීම සිදු කළේ. ඒ හේතුවෙන් ඉදිරියේදී ජලයත් නොමැතිව යනවා. ධාතුන්වහන්සේලා තැන්පත් කර ඇති ඇති බුද්ධ මන්දිරය, පොලිස් මුරපොල, පුරා විද්‍යා ස්මාරක අක්කර දහසකට වඩා වැඩි මෙම පූජා භූමිය අද ඉඳන් අඳුරේ.

මේ නිසා මිහින්තලාවේ පුරාවස්තු අනාරක්ෂිත තත්ත්වයට පත්වනවා. මේ භූමිය දඩයක්කරුවන්ගේ රජ දහනක් වෙන්න පුළුවන්. මේ සඳහාද රජය අද සිට ක්‍රියාත්මක විය යුතුයි. විදුලිය විසන්ධි කරන්න ක්‍රියාත්මක වුණා වගේ වගේම පුරාවිද්‍යා අංශ ආරක්ෂකයින් යොදා මෙම පුරාවස්තු ආරක්ෂා කළ යුතුයි.

ඉදිරියට මිහින්තලය වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට විදුලි පන්දමක් හෝ හුළු අත්තක් රැගෙන එන්න සිද්ධ වෙනවා සතා සර්පයාගෙන් බේරී මිහින්තලාව වැඳ පුදා ගන්න නම්. මේ 225 ම මේ සිද්ධ කරන්නේ ශාසනයෙන් පලි ගැනීමක්. මේ අයට ඡන්දය දුන්නට අපිත් වග කියන්න ඕන.”