27.8 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථානයේ ආහාර හා ඉන්ධන මිල ගණන් ඉහළට

පාකිස්ථානයේ ආහාර හා ඉන්ධන මිල ගණන් ඉහළට

පාකිස්ථානයේ ඉහළයන ඉන්ධන මිල හා ආහාර මිල ගණන් හමුවේ එරට සතිපතා උද්ධමනය 1.3% යි ඉහළ ගොස් තිබෙනවා.

එරට සංඛ්‍යා ලේඛන කාර්යාංශයට අනුව සංවේදී මිල දර්ශකය එනම් SPI අගය ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

තක්කාලි මිල සියයට 16.85 කින් ඉහළ ගොස් ඇති අතර ප්‍රෙට්‍රල් මිල සියයට 7.86කින්, ඩිසල් මිල සියයට 7.82කින්, ගෑස් මිල සියයට 9.82 කින්, වැඩි වී තිබෙනවා.

එමෙන්ම කැඩුනු බාස්මති සහල් මිලද සියයට 2.06කින් ඉහළ ගොස් ඇති අතර බිත්තර සියයට 3.80කින්, කිරිපිටි මිල සියයට 5.17කින් වැඩි වී ඇති බව සඳහන්.