― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්තල ගුවන්තොටුපොළේ අලාභය රුපියල් කෝටි 2221ක්

මත්තල ගුවන්තොටුපොළේ අලාභය රුපියල් කෝටි 2221ක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

මෙය එහි අදායම මෙන් 26 ගුණයක් වන අතර ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281ක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම ගුවන්තොටුපොලෙහි පාඩුව 2021 වසරේදී කෝටි 444ක් වූ අතර ඒ අනුව 2022 වසරේ පාඩුව 2021 වසරේ මෙන් 5 ගුණයකට ආසන්න බව මෙම විගණන වාර්තා අනුව අනාවරණය වී තිබෙනවා.

අදාළ විගණන වාර්තාවට අනුව මත්තල, රත්මලාන, යාපනය සහ මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරෙහි පසුගිය වසරෙහි පාඩුව රුපියල් කෝටි 2345කට අධිකයි. ගුවන්තොටුපොලෙන් කිසිදු ආදායමක් එහි මෙහෙයුම් ආරම්භ කළ 2018 වසරේ සිට මේ දක්වා ලබා නොමැති අතර වියදම රුපියල් කෝටි 8.7ක්.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී සංඛ්‍යාව ලක්ෂ දහයක් වුව ද පසුගිය වසරේ මෙම තොටුපොළ හරහා ගමන් කළ මගීන් සංඛ්‍යාව 11577ක් පමණක් වන අතර පසුගිය වසර පහටම ගමන් කර තිබෙන්නේ මගීන් 103,324ක් පමණයි.

ගුවන්තොටුපොල ඉදි කිරීම සඳහා විදේශ ණය ආධාර මත රුපියල් කෝටි 3656ක් වැය කර ඇති අතර එම ණය මුදල වෙනුවෙන් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම 2022 වසරේදී රුපියල් කෝටි 184ක ණය වාරිකයක් ගෙවා ඇති අතර 2021 වසරේදීද රුපියල් 261ක් ගෙවා තිබෙනවා.

මෙම තොරතුරු අතුළත් වන්නේ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාවකයි.