― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගණිකා නිවාස වැටලීමකින් 6ක් අත්අඩංගුවට

ගණිකා නිවාස වැටලීමකින් 6ක් අත්අඩංගුවට

රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් ඇතුළු 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ සවස මෙම වැටලීම සිදුකර ඇත්තේ.

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් මෙහිදී වටලා ඇති අතර ඒවා කලමනාකරණය කිරීම සහ ගණිකා වෘත්තියේ යෙදීම මතයි කාන්තාවන් 5 දෙනෙකු සහ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අවුරුදු 23, 32, 39, 40 සහ 49 වයස්වල පසුවන කාන්තාවන් ගාල්ල, අටකීරිය, පුස්සැල්ලාව, අලුත්දිවුල්වැව සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකාරියන් පිරිසක්.

පොලිස් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසියයි විමර්ශන මෙහෙයවන්නේ.