30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථානයේ දරුණු දුම්රිය අනතුරක්

පාකිස්ථානයේ දරුණු දුම්රිය අනතුරක්

දකුණු දිග පාකිස්ථානයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කරච්චි නුවර සිට කිලෝමීටර් 275ක් පමණ දුරින් පිහිටි නවාබ්ෂා දුම්රිය ස්ථානය අසල දී හශාරා නැමති අධිවේගී දුම්රිය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් තුවාල ලැබූ දුම්රිය මගීන් අවට රෝහල් වෙත යොමු කර ඇති අතර, සුන්බුන් වලට සිරවී සිටින පිරිස් මුදාගැනීමට සහන කණ්ඩායම් මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.

මේ අතර එරට දුම්රිය අමාත්‍ය සාද් රෆීක් පැවසුවේ දුම්රිය සාමාන්‍ය වේගයකින් ධාවනය වී ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත්, පීලි පැනීමට හේතුව කුමක්ද යන්න තවමත් තහවුරු වී නිමති බවයි.

දුම්රිය පීලි පැනීමෙන් මැදිරි අටක් පමණ මාර්ගයෙන් ඉවතට විසිව ගොස් ඇති බවයි එමෙන්ම කරච්චි හි දුම්රිය ප්‍රකාශකයෙකු පැවසුවේ.