23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසීමාව පැන්නොත් පාසල්වලිනුත් ජලයට ගාස්තුවක්

සීමාව පැන්නොත් පාසල්වලිනුත් ජලයට ගාස්තුවක්

අනුමත සීමාව ඉක්මවා යමින් ජලය පරිභෝජනය කරන පාසල්වලින් ගාස්තුවක් අය කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.

මේ අතර පාසල්වලට සපයන ජලය අවභාවිත වන බවට සහ අපතේ යන බවට සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ එක් පාසලක් සඳහා මාසයකට ජල එක්ක 400ක් කිසිඳු ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ ලබා දෙන බවයි.

ඒ අනුව එලෙස නොමිලේ ලබාදෙන ජල එක්ක සීමාව ඉක්මවා යන පාසල්වලින් ඉදිරියේ දී ගාස්තුවක් අය කිරීමට සිදුවන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පැවසුවේ.