― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එළඹෙන ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානකට හිමිව තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මෙම සංචිතය එක්කර නොතිබීම විශේෂත්වයක්.

සංචිතය සඳහා කුසල් ජනිත් පෙරේරා එක්කර තිබෙනවා.

දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ ආසියානු සංචිතයට නම්කළ ක්‍රීඩකයින් වනවා.

මේ අතර පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම්කර ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දු, කසුන් රාජිත, දුෂාන් හේමන්ත, චාමික කරුණාරත්න, සහ සහන් ආච්චිගේ යන ක්‍රීඩකයින්.

මෙවර ආසියානු කුසලාන එක්දින තරගාවලිය පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ දී පාකිස්ථාන සත්කාරකත්වයෙන් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.