27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිපිරීමක්

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිපිරීමක්

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (07) දහවල් පිපිරීමක් සිදුව තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරයේ වැසිකිළිය තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි කැකිරාව පොලිසිය සඳහන් කළේ. පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයා ද නිල කාමරය තුළ සිට ඇති අතර මෙම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැහැ.

පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරයට අයත් වැසිකිළියට හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.