32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldපාකිස්ථාන දුම්රිය අනතුරෙන් මියගිය ගණන ඉහළට

පාකිස්ථාන දුම්රිය අනතුරෙන් මියගිය ගණන ඉහළට

දකුණු පාකිස්ථානයේ ඊයේ (06) සිදු වූ දුම්රිය පීලී පැනීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය තහවුරු කර ඇති බවයි.

කරච්චි සිට කිලෝමීටර් 275ක් පමණ දුරින් නවාබ්ෂා හි සහරා දුම්රිය ස්ථානය අසළදී හසාරා සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි කිහිපයක් ඊයේ පෙරළී ගිය අතර තුවාල ලැබූ මගීන් අසළ රෝහල් වෙත රැගෙන යනු ලැබීය.

එරට දුම්රිය අමාත්‍ය සාද් රෆීක් සඳහන් කළේ දුම්රිය සාමාන්‍ය වේගයකින් ධාවනය වූ බව මූලික පරීක්ෂණවලින් පසු හෙළිවූ බවත් පීලි පැනීමට හේතුව කුමක්ද යන්න තහවුරු කිරීමට තවමත් උත්සාහ කරමින් සිටින බවත්ය.