― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමේ රටේ වගා කළ හැකි එළවළු රටින් ගේන්න මම අවසර දෙන්නේ නැහැ...

මේ රටේ වගා කළ හැකි එළවළු රටින් ගේන්න මම අවසර දෙන්නේ නැහැ – කෘෂිකර්ම අමාත්‍ය

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා (05) පෙරවරුවේ මාතලේ වේරගොල්ල ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කර ඇති කුරක්කන් වගාවක් නිරීක්ෂණය එක්ව තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ වී වගා කළ නොහැකි පුරන් කුඹුරු අක්කර 365ක අවම ජල පහසුකම් යටතේ වගා කරන ලද සාරවත් කුරක්කන් වගාවක් ද අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කළේය. එම ගොවීන් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයාගෙන් කුරක්කන් විදේශයෙන් ආනයනය කිරීමට රජය කටයුතු කරනවාදැයි ගොවිහු විමසූහ.

ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා, “ අපේ රටේ වාර්ෂික කුරක්කන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 10,000ක් බවත් මෙම වර්ෂයේ මෙට්‍රික් ටොන් 7000 ඉක්මවූ අස්වැන්නක් අපේක්ෂා කරනවා. එමනිසා කුරක්කන් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ” යනුවෙන් අවධාරණය කර සිටී.

එමෙන්ම එහි දී පිටරටින් මෙරටට පිපිඤ්ඤා, වට්ටක්කා සහ වැටකොළු ආදි මෙරට වගා කළ හැකි එළවළු වර්ග ආනයනය කිරීමට රජය සුදානම් වන්නේ ද යන්න සම්බන්ධවත් ගොවීහු අමාත්‍යවරයාගෙන් කරුණු විමසූහ.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා, “නිරෝධායන සහතික පත් නිකුත් කිරීමේ බලය තිබෙන්නේ මගේ අමාත්‍යාංශයට. එළවළු, පලතුරු, මස් හා බිත්තර ආනයනය කරනවා නම් අපි ඒ සඳහා නිරෝධායන සහතික නිකුත් කළ යුතුයි. මේ රටේ එළවළු හිඟයක් නැහැ. රජය විසින් අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි මෙතෙක් ආනයනය කිරීම් තහනම් කර තිබු ද්‍රව්‍ය තුන්සිය ගණනක් නිදහස් කළා. ඒ ලැයිස්තුවට සමහර විට එළවලුත් ඇති. ඒ වුනාට එළවළු ආනයනය කිරීමට අවසර දුන්නාය කියා ඉන් අදහස් වන්නේ නැහැ. කොහොම වුනත් නිරෝධායන සහතික පත් නිකූත් කරන්නේ මගේ යටතේ තිබෙන කෘෂිකර්ම අමාත්‍යාංශයයි. ඒ නිසා මේ රටේ වැවෙන හා වගා කළ හැකි එළවළු කිසිවක් ආනයනය සඳහා මම අවසර දෙන්නේ නැහැ. අපිට අවශ්‍ය තරම් එළවළු මේ රට තුළ වගා කරනවා. ඒ නිසා කිසිදු ගොවියෙක් ඒ සම්බන්ධ අනියත බියක් ඇති කර යුතු නැහැ” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.