25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරාහුල් ගාන්ධි යළිත් ඉන්දීය පාර්ලිමේන්තුවට

රාහුල් ගාන්ධි යළිත් ඉන්දීය පාර්ලිමේන්තුවට

රාහුල් ගාන්ධි ඔහුගේ ආසනය වන Wayanad නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට නැවත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ සාමාජිකත්වය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව හෙට (08) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ ප්‍රධාන ලෙස අදහස් දක්වනු ඇති බවද වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සාපරාධී අපහාස නඩුවකට වරදකරු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා දින දෙකකට පසු යළිත් ඔහුට මන්ත්‍රී ධූරය හිමිවූ බවයි.

2019 මැතිවරණ රැළියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන රාහුල් ගාන්ධි පළ කළ අදහස් සම්බන්ධයෙනුයි මෙම නඩුව පවරා තිබුණේ.