27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් ගිලෙයි

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් ගිලෙයි

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් ගිලී යාමෙන් පුද්ගලයන් දෙදෙමෙක් මියගොස් 30කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බෝට්ටු ද්විත්වය ටියුනීසියාවේ Sfax වරාය නගරයෙන් පිටත්ව ඇති අතර ඉන් එක් බෝට්ටුවක පුද්ගලයන් 48 දෙනෙක් හා අනෙක් බෝට්ටුවේ මගීන් 42ක් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඉතාලියේ වෙරළාරක්ෂක බලකාය පවසන්නේ ලැම්පෙඩුසා සිට නිරිත දෙසින් නාවික සැතපුම් 23 ක් පමණ දුරින් යාත්‍රා ගිලී ගිය විට සංක්‍රමණිකයන් 57 දෙනෙකු බේරාගත් බවයි.

එමෙන්ම කාන්තාවකගේ සහ ඇගේ අවුරුද්දක් වයසැති බිළිඳාගේ සිරුරුද සොයාගෙන ඇති බව ඉතාලි වෙරළාරක්ෂක භටයන් පවාති.

ටියුනීසියානු නිලධාරීන් පවසන්නේ සංක්‍රමණිකයන් 10 දෙනෙකුගේ සිරුරු Sfax අසළ වෙරළක තිබී සොයාගත් බවයි.