28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews119ට බොරු කිව්වොත් මාස 06ක් හිරේ

119ට බොරු කිව්වොත් මාස 06ක් හිරේ

119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම් පමුණුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කරන්නේ එලෙස අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන අයෙකුට මාස හයක් දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකම හිමිවිය හැකි බවයි.

පැය 24 පුරා ක්‍රියාත්මක වන 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත දෛනිකව පණිවිඩ 3000 ත් 3500ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවත් මෙම පණිවිඩ නිරීක්ෂණය කිරීමේදී එම අංකය අවභාවිත කර මහජනතාව අසත්‍ය තොරතුරු ලබාදීම් නිරීක්ෂණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන්නේ.